ඔබව නොවිකුණන සමාජ ජාලය.
ඔබගේ මුල් පිටුවේ දිස්විය යුතු වන්නේ ඔබට වඩාත්ම වැදගත් දෑ මිස සමාගම් පෙන්වීමට තීරණය කරන දේවල් නොවේ. ජනතාව අත පවතින මුළුමනින්ම වෙනස් සමාජ මාධ්‍යකි.
ඔබගේ කාලරේඛාව පාලනය කරගන්න
ඔබගේ මුල් පිටුවෙහි දැකීමට අවශ්‍ය දෑ ඔබ හොඳින්ම දනියි. කාලය නාස්ති කරන ක්‍රමලේඛ හෝ දැන්වීම් නැත. තනි ගිණුමකින් විවිධ මාස්ටඩන් සේවාදායකවල පුද්ගලයින් අනුගමනය කර ඔවුන්ගේ පළ කිරීම් කාලානුක්‍රමණික අනුපිළිවෙලට ලබා ගන්න. අන්තර්ජාලයේ ඔබ සිටින කෙළවර මඳක් ඔබගේ මෙන් කරගන්න.
සැක නැතිව මිනිසුන් රැස් කරන්න
මාස්ටඩන් මගින් අතරමැදියන් රහිත අද්විතීය ශ්‍රාවක කළමනාකරණ පහසුකමක් සපයයි. ඔබගේම යටිතල ව්‍යුහය මත යෙදවෙන අතර වෙනත් ඕනෑම මාර්ගගත මාස්ටඩන් සේවාදායකයකින් අනුගාමිකයින් ලැබීමට මෙන්ම අනුගමනයට ද ඉඩ සලසයි. එය අන් අයගේ පාලනයට යටත් නොවේ, ඔබගේම පාලනයට නතුය.
අද්විතීය නිර්මාණශ්‍රීලතාව
ඔබට මාර්ගගතව බෙදා හැරීමට අවශ්‍ය හඬපට, දෘශ්‍යක හා ඡායාරූප, සවිස්තරාත්මක ප්‍රවේශ්‍යතා, ඡන්ද විමසීම්, අවවාද අන්තර්ගත, සජීවිකරණ ප්‍රතිරූප, අභිරුචි ඉමෝජි, සංක්‍ෂිප්ත රූප සැකසීම් සහ තවත් බොහෝ දෑ සඳහා සහාය දක්වයි. ඔබගේ කලා නිර්මාණ, ඔබගේ ගීත ප්‍රකාශනයට මෙන්ම ඔබගේ ප්‍රචාරණ ආදී සියළුම කටයුතු සඳහා මාස්ටඩන් ඔබ වෙනුවෙන් තිබේ.

